මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය දැක්ම
2035 වර්ෂයේ දී බස්නාහිර පළාතේ විශීෂ්ට මහජන සේවයක් සපයන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය බවට පත්කිරිම.මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් කළමනාකරණය කරමින් ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජනජීවිතය නංවාලීමගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 න් එකක් වන මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍ය කොටසේ පිහිටා ඇති අතර, නැගෙනහිරින් අත්තගල්ල, දොම්පෙ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින්ද දකුණින් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද බටහිරින් ජා ඇල, වත්තල, කැළණිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ද උතුරින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද මායිම්ව පිහිටා ඇත.
ඵෙතිහාසික වශයෙන් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය විජයාගමනයට පෙර දක්වා ඉතා ඈතට දිවයන අතීතයකට හිමිකම් කියයි. “සිළුම් මා සර“ යනුවෙන් කෑරගල සෙල් ලිපියේ “හැළුම් මහර“ සදහන් වන අතර ප්‍රදේශය පුරා පැතිරුණ ඇල මාර්ගයක් නිසා මෙම ප්‍රදේශය “මහර“ නමින් හැදින් වු බව පෙනේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6.72% නට හිමිකම් කියන මහර කොට්ඨාශයෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 98.03 කි. ග්‍රාම නිලධාරි කොට්ඨාශ 92 කින් සමන්විත මෙම කොට්ඨාශයෙහි මුළු ජනගහනය 2012 වර්ශයේදි 207230 කි. ජන සංයුතිය ගත්කල ජනගහනයෙන් වැඩි පිරිසක් සිංහල වන අතර මුස්ලිම්, දෙමළ, බර්ගර් වැනි ජන කොටස් ද දැකිය හැකිය.
ප්‍රධාන ආර්ථික භෝග වශයෙන් වී, පොල්, රබර් වගා කරන අතර ඊට අමතරව සුළු අපනයන භෝග වගාව සහ සත්ත්ව පාලනය සිදු කරනු ලබයි. සත්ව පාලනයේ ප්‍රගතිය උදෙසා පශ්‍ර වෛද්‍ය කාර්යාලයක් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ගොවිජන සේවා මධ්‍යස්ථාන 03 ක් මෙම කොට්ඨාශයේ පිහිටා ඇත.
මහර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සදහා විශේෂිත කර්මාන්ත ලෙස දළුපිටිය ප්‍රදේශයේ මැටි කර්මාන්තයද දළුපිටිය නැගෙනහිර, දළුපිටිය දකුණ, වෑබඩ බටහිර හා කීනිගම යන ප්‍රදේශවල ස්වර්ණාභරණ කර්මාන්තය ද වෑබඩ ප්‍රදේශයේ කම්මල් කර්මාන්තය ද ව්‍යාප්ත වී ඇති අතර පිලිකුත්තුව, කිරිකිත්ත, දනව්කන්ද, මාලිගාතැන්න ප්‍රෙද්ශවල කළුගල් ආශ්‍රිත කර්මාන්ත ද පිහිටා ඇත. වේගවත් නාගරීකරණයක් හා කාර්මීකරණයක් මෙම කොට්ඨාශය තුල පොදුවේ දැකිය හැකිය.
මෙම කොට්ඨාශයේ විශේෂිත වු භූ විෂමතා දක්නට නොමැති අතර හෙල්වැටි කිහිපයක් පමණක් පවතී. ඌරුවල් ඔය, මහර මුදුන ඇල හා රුග්ගහවත්ත ඇල ක්‍රියාත්මක ප්‍රධාන වාරිමාර්ග ක්‍රම වේ.
සේවය කල ප්‍රාදේශීය ලේකම්වරු
| නම | සිට | දක්වා |
| සිරිමන් ගුණරත්න මයා | ||
| විතානගේ මැතිතුමා මයා | 1980 | 1983 |
| වී.ආර්. කළුආරච්චි මයා | 1984 | |
| සීතා විතානාරච්චි මිය | 1990 | |
| එස්.එම්.විතානගේ මිය | 1995 | |
| බී.එම්. බස්නායක මයා | 1996 | |
| එල්.කේ.ජේ. ගුණවර්ධන මයා | 2000 | |
| ආර්.පී. දයාරත්න මයා | 2006 | |
| තමරා ඩී. පෙරේරා මිය | 2008-03-11 | 2015-02-06 |
| ජී.එස්.අයි. විමලසේන මිය | 2015-10-21 | 2022-07-11 |
| ජී.බී.එම්.එල්.බණ්ඩාර මයා | 2023-08-23 |














